පෙමක් වින්දා නම් දරා

පිං පුරා බව නෙත් පුරා
ඔකද සිත්තම් රු අරා
පිං පැතුම් අඩු තැන් නිසා
සැඩොල් මව් කුස බිහිවුණා
දනන් නෙත් යුග මවිත කරවා
රු අගින් දෙවගන වලා
ගැමුණුදුටු පුත් සිත් වසා
පෙම මෝදු විය අැ කරා
පෙමක සුව රස සිත් වසා
සෙද සලු පිළි විසුරුවා
රජ සැපත අතහැර දමා
සැඩොලිය ලග නැවතුණා
අහස තරු කැට නිම් වලා
තෙරක් නෙපෙනෙන පිං නිසා
සැඩොලියක වුව අෑ සොබා
පෙමක් වින්දා නම් දරා
- චුලෝෂනා-
ලස්සන ආදර කතාවක් ලස්සනට ලියලා .
ReplyDeletethank subo
Delete👍
ReplyDeletelassanaii
ReplyDelete