Sunday, January 14, 2018


පෙමක් වින්දා නම් දරා


Image result for saliya asokamala

පිං පුරා බව  නෙත් පුරා 
ඔකද  සිත්තම් රු අරා
පිං පැතුම් අඩු තැන් නිසා                     
සැඩොල් මව් කුස බිහිවුණා

දනන් නෙත් යුග මවිත කරවා
රු අගින්  දෙවගන වලා
ගැමුණුදුටු පුත් සිත් වසා
පෙම මෝදු විය අැ කරා

පෙමක සුව රස සිත් වසා
සෙද සලු පිළි විසුරුවා
රජ සැපත අතහැර දමා
සැඩොලිය ලග නැවතුණා

අහස තරු කැට නිම් වලා
තෙරක් නෙපෙනෙන පිං නිසා
සැඩොලියක වුව අෑ සොබා
පෙමක් වින්දා නම් දරා
       
                                                                    -   චුලෝෂනා-

4 comments:

පන්හිදගාව

                      මමයි කුවණ්ණා කරදිය සුළගට මුසු වුන වැලි කැට                 දුලි කුණාටුව අතරින් රළ පෙළ නැවු නැග රුවලින් දඔකො...