මමයි කුවණ්ණා
කරදිය සුළගට මුසු වුන වැලි කැටදුලි කුණාටුව අතරින් රළ පෙළ
නැවු නැග රුවලින් දඔකොළ පටුනට
ගොඩ බැස්සා නුබ තම්බපන්නියට
කටිමින් කපු හිමිහිට ටික ටික
ගෙත්තම් කරමින් සලුපට අහසට
ඒබිකම් කරමින් අා සැටි මෙදෙසට
සිත්තම් විය රු හදවත පත්ලෙම
ජාතිය ජන්මට වැසුණි ඉබේටම
දර දඩු හිත මගෙ සිදුණි නුබේ ලග
පවරා රජකම හත් මුතු ජාතිය
කෙලෙසා පිදු මගෙ සෙනෙහස කොයිබද
දඔදිව අහසට යට වී බර වී
ලක්දිව උරුමය හකුලා කැටි කොට
පවරා සිහසුන නුඔට පෙමක් පිදු
මමයි කුවණ්ණා නුඔට මතක නැති
- චුලෝෂනා-

Supiri chulooo😘😘😘 really
ReplyDeleteniyamaiiiii chulo
ReplyDelete