Monday, January 29, 2018

පන්හිදගාව


සිනහව




සිනහව සඳහා පින්තුර ප්‍රතිඵල
ඔබ දන්නවාද නිරායාසයෙන් උත්පත්ති වන්නා වූ හසරැල්ල මිනිසාගේ හදවතෙහි ගැඹුරුම තැන ස්පර්ශ කරන වගය. බොහෝ මිනිසාගේ හදවතෙහි නිදන් ගත හැගීම් ජනිත කරන්නා වූ මෙවලමක් ලෙස සිනහව ප්‍රමුඛ වේ. මාවන පරිනාමයෙන් පටන් සිනහව නිර්වාචික සන්නිවේදනයක් වේ. දුක සතුට ආඩම්බරකම කපටිකම රාගය නිරහංකාර බව ආදී මිනිසාගේ බොහෝ හැගුම් සිනහව සමග මුසු වෙත්ම නිර්වාචික ලෙස මුහුණ තුළින් නිරූපණය වේ.

එමෙන්ම සිනහව ආසියානු කලාපයේ ජීවත් වන්නා වූ බොහෝ මානව සබදතා පුලුල් කර ගන්නා එක් අගයක් වශයෙන් හදුනා ගත හැකිය. මන්ද ආසියානුවෝ ඉතාමත්  සුහදශීලී ආගන්තුක සත්කාරයෙන් පරිපූර්ණ ජනශුැතියක් හිමි මානව කොටසකි. එබැවින් ඔවුන අතර සිනහව කැපී පෙනෙන සන්නිවේදනන අංගයකි. එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් සමග ශක්තිමත් සබදතාවයක් ගොඩනගා ගැනීම උදෙසා සිනහව මහත් වූ අත්වැලකි.

මිනිස් සිතක් තදින් ඇදබැද ගැනීමට තවත් සිනහ පිරි හදවතක් සමත් වන්නේය. මානව දයාව සෙනෙහස පිවිතුරු බව හා මනුෂ්‍යත්වය සපිරි හදවත් වේ නම් එයින් මතු පිටට ජනිත වන්නා වූ සිනහව නොයෙක් සංකල්පනා පිරි මහෝගයක් වන්නේමය.
සිනහවෙන් ආචාර කරන්නා වූ එකිනෙකා අතර ගොඩනැගෙනුයේ මහත් වූ ශක්තිමත් සබදතාවයකි. මානවයා අතර ලැදියාව "මිනිසත් බව වර්ධනය කරන්නා වූ ශක්තිමත් යදමක් ලෙස සිනහව අර්ථ ගැන්වීම අවිවාදය.


                                                                                           -චුලෝෂනා -


2 comments:

පන්හිදගාව

                      මමයි කුවණ්ණා කරදිය සුළගට මුසු වුන වැලි කැට                 දුලි කුණාටුව අතරින් රළ පෙළ නැවු නැග රුවලින් දඔකො...