පතිවතින් පණ දුන් නුඹට මා∙∙∙∙
රුකට ලිය වැල් සේ හිදිම්
දියට රළ පෙළ සේ ළගින්
හිරුට පිපි මල් සේ සරින්
සුසුම් සේ පතිවත රකිම්
රන් ලියෙන් පිරි රකුස් අාලක
නැත සැපක් නුඹෙ පපු ගැබේ
රකිමි සිදුවත ගිලමි රාගිනි
සදෙව් නුඹ මගෙ හිමි සදේ
කදලි ගෙඩි ගහ කබලු බෝ පිරි
කිළිටි වුණු නුඹෙ සිත් ඉමේ
පෙමක් ඉල්ලා පුදමි පතිවත
පතමි සසරේ හැම භවේ
ගියත් නුඹ තහනම් ඉසව්වක
කිළිටි නැත මගෙ පෙම් සුවේ
පතිවතින් පණ දුන් නුඹට මා
සම්බුලා මිය යමි ඔහේ
-- චුලෝෂනා--
Sambula miya yami ohe..... lassanai chulo
ReplyDeletelassanaii....
ReplyDeleteලස්සනයි කවිකාරී..💗💗
ReplyDeleteහරි අපූරුවට පන්හිඳෙන් පද රටා මවලා චුලෝ..සුබ පැතුම්..
ReplyDeleteLassanai chuloooo
ReplyDeleteLassanai chuloooo
ReplyDeleteTHANKK
DeleteGodaaak lassaai chulooo😘😘😘 thawath lassanata liyanne.....
ReplyDeleteGodaaak lassaai chulooo😘😘😘 thawath lassanata liyanne.....
ReplyDelete